සුඛෝපභෝගී ජීප් රථයක් සහ ටයිල් පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඒ අධිවේගී මාර්ගයේ කඩවත පිටවීමේ හුවමාරු මධ්‍යස්ථානය ආසන්නයේදී.
අනතුරින් ජීප් රථයේ ගමන් ගත් 47 හැවිරිදි කොරියන් භාෂා ගුරුවරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරට හේතුව ජීප් රථ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය සහ අධික වේගය බවයි අනාවරණය වී ඇත්තේ.




