සියත අනාවරණයෙන් පොළොන්නරුවේ ලාම්පු රෙපෙයාර් කෙරේ

Share

පොළොන්නරුව නගර මධ්‍යයේ ඉදිකර තිබූ වීදි ලාම්පු මාස ගණනක සිට අක්‍රීය වී තිබූ බව වාර්තා වුණා. එසේ ම මහ මග ගමන් ගත් ජනතාවට මෙන්ම රථ වාහන වලටද ඉතා අනතුරු ලෙස එම වීදි ලාම්පු කැඩී බිඳී ගොස් තිබුණා.

වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස පසුගිය විසි එක් වනදා සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශයෙන් මේ පිළිබඳව අප අනාවරණය කළා. එම අනාවරණයෙන් දින දෙකක් ගත වීමට පෙර අක්‍රීය වී තිබූ එම වීදි ලාම්පු ඊයේ ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.

ඒ මහා මාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එක්වයි. සියත ප්‍රවෘත්ති විකාශය තුළින් මේ පිළිබඳව අනාවරණය කිරීම නිසා පොළොන්නරුව මහ නගර සභාවේ නගරාධිපති චානක සිදත් රණසිංහ මහතා සිය ස්තූතිය ප්‍රකාශ කළා.

Read more

Local News