යළිත් වරක් දිගු ඉන්ධන පෝලිම් නිර්මාණය වීමේ අවධානමක් මතුව තිබෙනවා.
දින දෙකක පමණ සිට දිවයින පුරා ප්‍රදේශ රැසක පිරවුම්හල්වලට ඉන්ධන තොග ලැබී තිබුනේ නැහැ.
මේ නිසා යළි ඉන්ධන පෝලිම් දිගු වෙමින් ඇති බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසන්නේ.
මේ හේතුවෙන් QR ක්‍රමවේදයට ඉන්ධන ලබා ගැනීමට පැමිණි රියදුරන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.
ඉන්ධන හිඟය හේතුවෙන් හැටන් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයකු වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමට උත්සහ දැරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.



