බිත්තර පාලන මිල සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට වෙළඳුන්ගෙන් දිගින් දිගටම විරෝධය එල්ල වෙමින් පවතිනවා.
වෙළඳ අමාත්‍යවරයා පවසන්නේ කිසිසේත් එය වෙනස් කිරීමට බලාපොරොත්තු නොවන බවයි.
මේ අතර වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳසල් සොයා පාරිභෝගික අධිකාරිය අඛන්ඩව වැටලීම් ක්‍රියාත්මක කරමින් සිටිනවා.




