අත යට ගනුදෙනු ගැන ප්‍රශ්න කරන සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

Share

කවුඩුල්ල ව්‍යාපාරය යටතේ ගොවිතැන් කටයුතු කළ මැදිරිගිරිය විජයපුර ප්‍රදේශයේ ගොවීන් මේ දිනවල යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා.

නමුත් මහන්සියේ තරමට වී සඳහා මිලක් ලැබෙන්නේ නැති බවයි ගොවීන් පවසන්නේ.

බලධාරීන්ගේ අවධානය යොමු කර වී කිලෝවක් සඳහා රුපියල් එකසිය පනහක මුදලක් ලබාදෙන ලෙසයි ගොවීන් ඉල්ලා සිටින්නේ.

මේ අතර රටේ සමස්ත වී අස්වැන්නෙන් වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන ඇත්තේ සීයට දෙකකටත් වඩා අඩු ප්‍රමාණයක් බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ ව්‍යාපාරිකයින් අතර අත යට ගනුදෙනුවක් ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. වී මිල එකසිය විස්සට තීන්දු කළේ ඒ හේතුව නිසා බවයි ඔවුන් පවසන්නේ.

Read more

Local News