අද සිට වැඩියෙන් කැපෙන විදුලිය

අද සිට දෛනික විදුලි කප්පාදුව මිනිත්තු 20කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබේ.

පසුගිය දිනවල දෛනික විදුලි කප්පාදුව පැයකට සීමා වී තිබූ අතර එය අද සහ හෙට (21) යන දිනවලදී පැයයි මිනිත්තු 20ක් දක්වා ඉහළ නංවා ඇති බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

පස්වරු 06 සිට රාත්‍රී 10 දක්වා අදාළ විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබේ.