කඩුවෙල ඇතුළු ප්රදේශ කිහිපයකට අද (21) දිනයේ පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද පෙරවරු 8 සිට රාත්රි 12 දක්වා කාලය තුළ ජල කප්පාදුව සිදුකෙරෙන බව එම මණ්ඩලය සඳහන් කරයි.
අදාළ කාලය තුළ හංවැල්ල, කහහේන, ජල්තර, රනාල, කඩුවෙල, මාපිටිගම සහ දොම්පේ යන ප්රදේශවලට ජල කප්පාදුව සිදුවනු ඇත.
ලබුගම ජල පවිත්රාගාරයේ භූගත ජල ටැංකියේ පිරිසිදු කිරීමේ කටයුක්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.



