මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි

Share

මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News