වතුර නැතුව හඬා වැටෙන තවත් ගමක්

Share

අපේ රටේ උතුර සහ උතුරුමැද ඇතුළු බොහෝ ප්‍රදේශවලට අදත් පානීය ජල පහසුකම් නැහැ. විශේෂයෙන් මේ ප්‍රදේශවල ජනතාව පානීය ජලය ලබාගන්නේ වැව් ජලයෙන්. වැව් ජලය අද ෆිල්ටර් හෙවත් පිරිපහදු කරන්නේ නැතිව බොන්න පුළුවන්කමක් නැහැ. මේ දුක්බර කතාව ඇහෙන්නේ කහටගස්දිගිලියේ අඹගහවැව ග්‍රාමසේවා වසමේ මහපොතාන ගම්මානයෙන්.

මේ ගම්මානයේ පවුල් පනහකට අධික සංඛ්‍යාවක් අදටත් ජලය ලබාගන්නේ මහපොතාන වැවෙන්.

නමුත් මෙම වැවෙහි ජලය බීමට සුදුසු තත්වයක නොවෙයි පවතින්නේ.

පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට අවම වශයෙන් කිලෝමීටර් හයක දුරක්වත් යාමට සිදුව තිබෙනවා. එතරම් දුර ගියත් පිරිසිදු ජලය ලබාගන්න බෑ. ජල පවිත්‍රාගාරයකින් ලීටරයක් අලෙවි කරනුයේ රුපියල් දෙකක් තුනක් අතර මුදලකටයි.

හරිහමන් කුලී රැකියාවක් නැති ගොවිතැන් බිඳ වැටී ඇති තත්වයක පානීය ජලයට මුදල් වැය කිරීම දැන් මේ ගම්වාසීන්ට බරපතල ප්‍රශ්නයක් වෙලා. ඒ අතරවාරයේ වන අලින්ගේ තර්ජන වලින්ද අඩුවක් නෑ.

අදාළ බලධාරීන් සහ දේශපාලන අධිකාරිය මොනතරම් දැනුවත් කරත් මෙතෙක් පානීය ජලය මේ ගමට ලැබී නැහැ. ගමේ වැඩිහිටියන් බොහෝ දෙනෙකු අද වකුගඩු රෝගීන් බවට පත් වෙලා.

Read more

Local News