රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 216 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 216 යි.

රුසියානු ජනපති පුටින් අතිරේක හමුදා බල මුළු ගැන්වීමට නියෝග ලබා දුන්නා.

ඒ හේතුවෙන් මේ වන විටත් රුසියානුවන් රටින් පලා යමින් සිටිනවා.

මේ හේතුවෙන් කසකස්ථානයේ නවාතැන්වල හිඟයක් ද පවතිනවා. ලක්ෂයකට අධික පිරිසක් කසකස්ථානය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඇමෙරිකාව එලෙස පලා එන රුසියානුවන්ට සරණාගත භාවය ලබා දීමට සුදානම් බව ප්‍රකාශ කළා.

රුසියාවේ ප්‍රධානතම ගෑස් නල මාර්ගයක් වන NORD STREAM 01 හා 02 ගෑස් නළ පද්ධතිවලට හානියක් සිදුව තිබෙනවා.

Read more

Local News