ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා වන අලි රජරට ජීවිත තුනක් බිලි ගනී

Share

මේ දිනවල වන අලි උවදුරෙන් වැඩි වශයෙන් පීඩාවට ලක් වන්නේ රජරට ජනතාවයි. සිය ගොවිතැන් පාලු වී ආහාර වේලක් සොයාගන්න දහ දුක් විඳින මේ ජනතාවට දැන් වන අලි උවදුර නිසා ජීවිතයත් මරණයත් අතර සටනකයි නිරත වීමට සිදුව ඇත්තේ. ඊයේ සවස සිට අද උදෑසන දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවිත තුනක් වන අලින්ට ගොදුරු වුණා.

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දෙදරු මවක් මෙලෙස වන අලි පහර දීමකින් මියගොස් තිබෙනවා. ඒ තම දරු දෙදෙනා සමග ඊයේ රාත්‍රියේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී එමින් සිටියදී.

ප්‍රදේශවාසීන් එක්ව ඇයව රෝහල් ගත කළත් බරපතල තත්වයේ පසුවූ ඇය මියගොස් තිබෙනවා. මේ අතර අනුරාධපුර කැකිරාව කළුවැවේ ගම්මානයේ පුද්ගලයෙකුද ඊයේ වන අලි පහරදීමකින් මියගොස් තිබෙනවා. මේ හේතුවෙන් වනජීවී නිලධාරීන් සහ ගම්මානයේ ජනතාව අතර උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා.

මේ අතර අද උදෑසන අනුරාධපුර, කැබිතිගොල්ලෑව, හඳගල ප්‍රදේශයේ පදිංචි අසූ හැවිරිදි කාන්තාවකද, වන අලි පහර දීමකින් මිය ගොස් තිබෙනවා. ඇය මෙම ඉරණමට ගොදුරු වී ඇත්තේ, තමාට හිමි වැඩිහිටි දීමනාව ලබා ගැනීමට, පිටත්ව යමින් සිටියදී. මිය ගිය මෙම කාන්තාවගේ සැමියාද මීට පෙර වන අලි පහර දීමකින් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News