ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ ක්රියාදාමයන් ශ්රි ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉවහල් වූ බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ පවසනවා.
ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ වැඩසටහන සහ ශ්රී ලංකාව අතර පවතින හවුල්කාරීත්වය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මේ බව සඳහන් කර තිබෙනවා.
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ද්වීපාර්ශවික සහයෝගීතාවයේ සීමාව “අහස” බවයි ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සඳහන් කළේ.



