කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සංචාරක දුම්රිය අද සිට

Share

2022 ඔක්තෝබර් 01 වන දා සිට සෑම සති අන්තයකම කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ආරම්භ කර ඇත.

නව සංචාරක දුම්රිය පෙ.ව. 6.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පෙරවරු 9.18 ට මහනුවරට ළඟා වෙයි. නැවතත් පස්වරු 4.50ට මහනුවරින් පිටත් වන දුම්රිය පස්වරු 7.40ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙයි.

දළදා මාළිගාව වැඳපුදා ගැනීමට සහ පේරාදෙණිය මල්වත්ත නැරඹීමට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙම විශේෂ දුම්රිය සැලසුම් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යවරයා පවසයි.

පළමු පන්තියේ ටිකට් පතක මිල රුපියල් 2000ක් වන අතර 2 වන පන්තියේ ටිකට් පතක මිල රුපියල් 1500කි.

Read more

Local News