ඉන්ධන මිල අඩු කෙරේ

අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40/- කින් අඩු කර ඇති අතර නව මිල රු.410/- කි.

එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30/- අඩු කර ඇති අතර නව මිල රු.510/- කි.

මේ අතර ලංකා IOC සමාගම ද නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙන්නේ සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව සිය පෙට්‍රල් මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවය.