අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් ඖෂධ හා වෛද්‍ය උපකරණ

Share

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් රුපියල් මිලියන 4600ක් (ඩොලර් මිලියන 12ක) වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ ලබාදීමට පියවර ගෙන තිබේ.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සුප්‍රසිද්ධ අමෙරිකානු මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන සමඟ එක්ව ඖෂධ ලබාදීමට කටයුතු කර ඇති අතර මේ වන විට අවස්ථා 03කදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඖෂධ තොග එවා තිබේ.

ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා ආධාර ලබාගැනීම උදෙසා මානුෂීය සංවිධාන හා නියෝජිත ආයතන සමඟ ඉදිරියටත් කටයුතු කරන බවත් මෙවර ත්‍යාගශීලී වූ Heart to Heart International, Hope Worldwide, Americares ආතනවලට කෘතඥතාව පළ කරන බවත් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ පවසයි.

Read more

Local News