සුඛෝපභෝගී සංචාරක දුම්රිය ඉදිරියේදී අනුරාධපුර දක්වා – බන්දුල ගුණවර්ධන

Share

මහනුවර අස්ගිරි මහා විහාරයට පැමිණි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ (02 දින) අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ඇත.

එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මහා නායක හිමියන් දැනුවත් කළ අමාත්‍යවරයා, මහනුවර දළදා මාලිගාව ඇතුළු ආගමික ස්ථාන සහ අනෙකුත් සංචාරක ස්ථාන වෙත ගමන් කිරීමට ආරම්භ කළ නව සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාව ඉදිරියේදී අනුරාධපුර ප්‍රදේශයේ අටමස්ථානය ඇතුළු ආගමික සිද්ධස්ථාන වැදපුදා ගැනීමට යන බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් ද ආරම්භ කරන බවත් ප්‍රකාශ කර සිටියේය.

Read more

Local News