වෛද්‍ය රමේෂ් පතිරණ සහ නෙදර්ලන්ත තානාපතිනිය අතර හමුවක්

Share

වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ මෙරට නෙදර්ලන්ත තානාපතිනිය වූ (H.E)Bonnie Horbach අතර හමුවක් පසුගියදා වැවිලි කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුවිය.

දෙරට අතර කෘෂිකර්මය ආශ්‍රිතව නව ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබදවත්, මෙරට සාම්ප්‍රදායික කෘෂිකාර්මික පිළිවෙත් මෙන්ම නෙදර්ලන්තය තුළ ඇති නවීන තාක්ෂණික ක්‍රම එම සම්ප්‍රදායික කෘෂිකර්මාන්තය සමග මුසු කර ඉහළ ප්‍රතිපල ලබා ගැනීමේ නව ව්‍යපෘති සම්බන්ධවත් මෙහිදී මූලිකව අවධානය යොමු විය.

එමෙන්ම වැවිලි කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරෙහිද දෙපාර්ශවයේ අවධානය යොමු විය. එයට අමතරව රසායනික පොහොර භාවිතය අඩු කර කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි වැඩ පිළිවෙල සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු විය.

Read more

Local News