උතුරු දුම්රිය ගමන් යථා තත්ත්වයට

Share

බාධා එල්ල වී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇත.

ඊයේ (04) රාත්‍රි වැල්ලව දුම්රිය ස්ථානයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පීලිපැනීම හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇත.

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් ඊයේ රාත්‍රි වැල්ලව දුම්රිය ස්ථානයේදී පීලිපැනීමට ලක්ව තිබේ.

මේ වන විට එම දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News