ජිනීවා යෝජනාව ප්‍රතික්ෂේප කරනවා – අලි සබ්රි

Share

එක්සත් ජාතීන්ගේ පනස් එක් වැනි මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව ඊයේ සාකච්ඡාවට ගැනුණා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ මෙම යෝජනාව ඉදිරිපත් කළේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් හතක්.

ඒ අනුව අදාළ යෝජනාවට කරුණු දහනමයක් ඇතුළත් වුණා. ඉන් කරුණු නවයක්ම වෙන්කර තිබුණේ ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදුවූ මානව හිමිකම් සම්බන්ධයෙන්. ආහාර සුරක්ෂිතතාවය බිඳ වැටීම, බරපතළ ඉන්ධන හිඟය, ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල ආදායම අඩුවීම වැනි කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමු වුණා.

ආර්ථික අවපාතය හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි එම යෝජනාවේ සඳහන් වන්නේ. සාමකාමී විරෝධතාවලට එල්ල වූ බාධා ඊට සහභාගි වූවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙම වාර්තාවේ තොරතුරු සඳහන් වනවා. යෝජනාවට පක්ෂව ඡන්ද විස්සක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 07 ක්.

ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් විස්සක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. කෙසේ වෙතත් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සමුළුවේදී ප්‍රකාශ කළේ.

Read more

Local News