මූල්‍ය වංචා සිදුකළ තිලිනිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

Share

රටවල මුදල් තැන්පත් කිරීම හා ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම වෙනුවෙන් පොළී මුදල් ලබාදෙන බව පවසමින් මහා පරිමාණයේ මුදල් වංචාවක නිරත වූ ප්‍රසිද්ධ ව්‍යාපාරයක අධිපතිනි තිළිණි ප්‍රියමාලි ලබන දහනම වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේගේ නියෝගයක් මතයි.

මෙම කාන්තාව රුපියල් මිලියන දෙසිය විසි හයක් සහ අමරිකානු ඩොලර් හැට දහසක මුදලක් ඇතුළු මූල්‍ය වංචා රැසක් සිදු කල ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම සැකකාරියගේ වංචාවට කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රසිද්ධ වෛද්‍යවරුන්, දේශපාලඥයන් ඇතුළු පුද්ගලයන් රැසක් හසු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් තව දුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

Read more

Local News