සැමරුමෙන් අත්අඩංගුවට ගත් සිව් දෙනෙකු අධිකරණයට

Share

ගෝල්ෆේස් පිටියේ ඊයේ පැවති අරගල සැමරුම අවස්ථාවේ අත්අඩංගුවට ගත් සිව්දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් බව කියන පාසල් සිසුවෙකු ඊයේ පස්වරුවේම ඇප මත මුදා හැර තිබෙනවා. මේ අතර උද්ඝෝෂණ වලට තම දරුවන් සහභාගී කරවා ගැනීමෙන් වළකින ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය ඉල්ලීමක් කරනවා.

අරගලය අතරතුර රෝහල් ගත කරන ලද දරුවා සම්බන්ධයෙන් අදහස් පළ කරමින් වෛද්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළා.

Read more

Local News