ජොනීට අධිචෝදනා

Share

වෙළඳ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරී වලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ පනස් නමයකට අධික මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් වළල්ලේ ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධිචෝදනා භාරදීම සිදු කෙරුණා.

එම අධි චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියා.

ඉන්පසුව නඩු විභාගය නොවැම්බර් මස පළමුවනදා තෙක් කල් තැබුණා.

Read more

Local News