ඩොලර් කෝටි 07ක් නොමැතිව බොරතෙල් නැව දින 21 මුහුදේ

Share

දින විසි එකක කාලයක් බොරතෙල් නැවක් මුහුදේ නැංගුරම් ලා ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා.

එම නෞකාවෙන් බොරතෙල් ගොඩබෑම සඳහා ඩොලර් කෝටි හතක මුදලක් අවශ්‍යව පවතිනවා. එම මුදල ගෙවීමට නොහැකිවීම හේතුවෙන් නෞකාව නැංගුරම් ලා ඇති අතර දිනකට ඒ වෙනුවෙන් ඩොලර් ලක්ෂ එකහමාරක මුදලක් ගෙවීමට සිදුවී ඇති බවත් ආනන්ද පාලිත ප්‍රකාශ කළා.

Read more

Local News