කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙම වසරේ තවත් අක්කර 450ක මිරිස් වගා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැළසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ පාරිභෝජනයට අවශ්‍ය මිරිස් ප්‍රමාණයන් රට තුළ නිෂ්පාදනය කර ගැනීම සඳහා මෙම වසරේ තවත් ඉඩම් ප්‍රමාණයක මිරිස් වගා කරන ලෙසකෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් දී ඇත.
ඒ අනුව දිස්ත්‍රික්ක 03ක එක් දිස්ත්‍රික්කයකින් අක්කර 15 බැගින් තෝරා ගෙන මිරිස් වගා කිරීමට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් කටයුතු යොදා තිබේ.



