පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙස, මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දී තිබෙනවා.
පරිසරයේ පවතින අඳුරු ස්වභාවය හේතුවෙන්, අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනයේදී, ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන ලෙසයි වැඩිදුරටත් දන්වා ඇත්තේ.



