එළැඹෙන මහ කන්නයේ දී වී වගා කර සති දෙකකට පසුව පළමු පොහොර යෙදුම සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදා හැරීම මේ වනවිට රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් ආරම්භ කර තිබෙන බව කෘෂීකර්ම අමාත්‍යංශය පවසයි.
ගොවි සංවිධාන සිදු කළ ඉල්ලිම් පරිදි මෙම යුරියා පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන තිබේ.



