පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලි මීටර් 100 ඉක්මවා ඇති බැවින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය, වලල්ලාවිට,පාලින්දනුවර සහ දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා නිකුත් කර තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් අදියර 02 මට්ටම දක්වා ඉහළ දමා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහා වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑමේ , බෑවුම් කඩාවැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම් පිළිබඳව අවධානය සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථානයකට යාමට සූදානමින් සිටින ලෙස ප්‍රදේශයේ ජනතාවට එම සංවිධානය දැනුම් දෙයි.
එසේම කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, මතුගම සහ බණ්ඩාරගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ද අදියර 01 (කහ) මට්ටමේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබේ.



