අපේ රටේ තියෙන්නේ දවසින් දවස ඉහළ යන උද්ධමනයක්.
ඒ වගේමයි සෘජු බදුවලට වඩා වක්‍ර බදු වැඩියි.
ඒ නිසාම දරුවන්ගේ අධ්‍යාපනය පවා කඩා වැටෙන්න පුලුවන්.
මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවන පුද්ගලයින් සියයට හයක බද්දකට යටත් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. ඊට අමතරව සේවයේ යෙදෙන්නේ නැති අයගේ ආදායම රුපියල් ලක්ෂයකට වැඩි නම් සීයට පහක රඳවා තබා ගැනීමේ බද්දක්ද පැනවීමටයි යෝජනා කර ඇත්තේ. ඒ දේශීය ආදායම් පනතට ගෙන එන නව සංශෝධන හරහා සුළු හා මාධ්‍ය පරිමාණ නිෂ්පාදන හා අපනයන ව්‍යාපාරික ආයතන සඳහා පනවා තිබූ බදු ඉහළ දැමීමට රජය කටයුතු කිරීමත් සමඟයි.
මෙම බදු වැඩි කිරීමේ ප්‍රශ්න තුනක් ගැන සිතිය යුතුයි. ඒ තමයි විශ්ලේෂණාත්මක පසුබිම. බදු ගන්නේ කොහෙන්ද? බදු බර වැටෙන්නේ කාටද කියන එක. ඇත්තටම බදු එකතු කරනවද කියන එක. අපි මේ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාලගෙන් විමසීමක් සිදු කළා.
ඉදිරි අවුරුදු 2 තුළදී රටේ බුද්ධිමතුන් රට හැරයාමේ අවධානමක් පවතින බවයි මහාචාර්ය වසන්ත අතුකෝරාල ප්‍රකාශ කළේ.



