කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (15) පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
අද රාත්‍රී 10.00 සිට හෙට (16) පෙරවරු 10.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව, කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශ සඳහා අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.



