මෙරට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා අංශය සිදු කරන ලද පරීක්ෂණවලදී නව මදුරු විශේෂ දෙකක් සොයාගෙන තිබෙනවා.
එම මදුරු විශේෂයන් කිව්ලෙක් සින්ටලෙක් සහ කිවුලෙක්ස් නියර් ඉන්ෆියුලා යන නාමයන්ගෙන් හඳුන්වනු ලබනවා.
මීරිගම සහ කළුතර ප්‍රදේශවල සිදුකරන ලද පරීක්ෂණවලදී මෙම මදුරු විශේෂ දෙක සොයාගෙන තිබුණා.
මෙම මදුරු විශේෂයන් මේ වන විට තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් වාර්තා වී තිබෙනවා. අදාළ මදුරු විශේෂ රෝග වාහකයන්දැයි තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා.



