ලෝකයේ හොඳම විද්‍යාඥයින් අතරට කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් සිව්දෙනකු තේරී ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක ද සිල්වා, එම විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ පරපෝෂවේද අධ්‍යයන අංශයේ ජේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අනුරාදනී කස්තුරිරත්න සහ ඖෂධවේදී අධ්‍යයන අංශයේ මහාචාර්ය අසිත ද සිල්වා ලොව හොඳම විද්‍යාඥයින්ගේ කණ්ඩායමට ඇතුළත්ව සිටිති.



