බෙංගාල බොක්ක කැළඹෙයි – තවදුරටත් වැසි

Share

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකටම බලපෑම් එල්ල වී තිබෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා.

ජලාශවල ජල මට්ටම වැඩි නිසා කැනියොන්, ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර විදුලි උත්පාදනයන් උපරිම ධාරිතාවයෙන් සිදු කරන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.

වර්ෂාපතනය නිසා මධ්‍යම කඳුකරයේ ඝන මීදුම් තත්වයක්ද පවතිනවා. පසුගිය දින කිහිපයේදී ගම්පහ ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යට වුණා. ගම්පහ නගරයේ පහත් බිම් එලෙස ජලයෙන් යටවීමට ප්‍රධාන ලෙස බලපාන්නේ අත්තනගලු සහ ඌරුවල් ඔයට සම්බන්ධ ඇළ මාර්ග අවහිර වීමයි.

ඒ ආශ්‍රිත ඇළ මාර්ග පවිත්‍ර කිරීමේ කටයුතු ගම්පහ මහ නගර සභාව ආරම්භ කර තිබෙනවා.

මේ අතර දිවයිනේ පවතින තද වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

Read more

Local News