ඩී.ඇස්. සේනානායකයන්ගේ 138 වන ජන්ම සැමරුම අද

Share

ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති මහාමාත්‍ය ඩී.ඇස්. සේනානායකයන්ගේ 138 වෙනි ජන්ම දිනය අදට (20) යෙදී තිබෙනවා.

වර්ෂ 1884 ඔක්තෝබර් මස 20 වෙනි දින මීරිගම, බෝතලේ වලව්වේදී උපත ලද ඩී.ඇස්. සේනානායකයන් 1912 දී පිහිටුවන ලද අමද්‍යප සභාවෙන් ක්‍රියාකාරි සමාජ සේවයට පිවිසි ඩී.ඇස්. සේනානායකයන් ලංකා ජාතික සංගමයේ ද සභාපතිවරයෙකු ලෙස කටයුතු කළේය.

1946 වසරේ සැප්තැම්බර් 06 වෙනි දින පිහිටුවා ගන්නා ලද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් සේනානායකයන් 1947 වසරේ පැවති ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු ලංකාවේ ප්‍රථම අග්‍රමාත්‍ය ධූරයට පත් විය.

1947 සිට 1952 දක්වා ලංකාවේ අගමැති ධූරය හෙබ වූ ඩී.ඇස්. සේනානායකයන් 1952 මාර්තු මස 22 දින හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය.

Read more

Local News