පවතින වර්ෂාවත් සමඟ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස්කඳු කඩා වැටීම හේතුවෙන් මාර්ග ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.
බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
එම නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
ඒ අනුව කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.



