2023 අයවැය නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට

විවාදය

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (27) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පැවසීය.

ඒ අනුව නොවැම්බර් 14 වැනිදා පස්වරු 1.30ට ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ විසින් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 15 වැනිදා ආරම්භ කිරීමටද, දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනිදා පස්වරු 5.00 ට පැවිත්වීමටද මෙහිදී තීරණය විය.