කැබිතිගොල්ලෑව සිද්ධියට 15ක් අත් අඩංගුවට

Share

වන අලි ප්‍රහාරයකට ලක්ව ගම්වැසියකු මිය යෑමේ සිද්ධියක් මුල් කර ගෙන කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ගම්මානයේ ජනතාව පෙරේදා (31) රාත්‍රියේ කලහකාරී ලෙස හැසිරෙමින් කැබිතිගොල්ලෑව පොලිසියේ සැරයන්වරයකුට පහර දී ඝාතනය කිරීමට සම්බන්ධ ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු ගම්වැසියන් 15ක් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර කාන්තාවන් දෙදෙනකුද සිටින අතර ඝාතනයට සම්බන්ධ තවත් පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය විර්ශන ආරම්භ කර ඇත.

Read more

Local News