ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකාණු මහ කොමසාරිස්වරයා කථානායක හමුවෙයි

Share

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් එඩ්වින් ෂාක් කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගියදා පාර්ලිමේන්තුවේ දී හමුවිය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ද එක්ව සිටියේය.

දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් හරහා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. දකුණු අප්‍රිකාණු රජය අභියෝගාත්මක අවස්ථා ජයගත් අයුරු මෙන්ම දකුණු අප්‍රිකාණු රජය සත්‍ය සහ ප්‍රතිසංධාන කොමිසම පිහිටුවා ගැටලුවලට විසදුම් ලබා දුන් ආකාරය පිළිබදවද මෙහිදී මහකොමසාරිස්වරයා කරුණු පැහැදිළි කර ඇත.

Read more

Local News