කන්දකාඩු කඳවුරෙන් රැඳවියන් පිරිසක් පළායයි

Share

පොලොන්නරුව – වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවින් දෙපිරිසක් අතර රාත්‍රි 10 ට පමණ ඇති වු ගැටුමකින් එහි සිටි රැදවියන් පිරිසක් පලා ගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසනවා.

මම සිදුවීම අතරතුර එම මධ්‍යස්ථානයේ රැඳවියන් 50කට ආසන්න සංඛ්‍යාවක් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම රැඳවියන් සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇති බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 5ක් රෝහල්ගත කළ බවද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Read more

Local News