මන්කිපොක්ස් ආසාදිතයින් මෙරටට පැමිණීමේ අවදානමක්

විදෙස් රටවල සිට මෙරටට තවත් මන්කිපොක්ස් ආසාදිතයින් පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ, විදෙස් රටවල මෙය තවමත් පැතිරෙමින් පවතින රෝගයක් වීම හේතුවෙනි.

ඒ අනුව රෝග ලක්ෂණ නොමැති රෝගීන් පවා මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සඳහන්.

මන්කිපොක්ස් සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය චින්තක පෙරේරා මේ බව සඳහන් කළා.

Previous articleමෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද
Next articleකන්දකාඩු රැඳවියන් 201ක් රක්ෂිත බන්ධනාගාර ගතකරයි