රාජ්‍ය සේවයේ උපාධිධාරින්ට ගුරු විභාගයට පෙනී සිටීමට අවස්ථාව

Share

රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් ඇතුළු සියලුම උපාධිධාරින් සඳහා ගුරු විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද(10) පාර්ලිමේන්තුවෙදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව මේ සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරි සති දෙක තුළදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් දෙසැම්බර් මස මැද වන විට ගුරු විභාගය පවත්වන බවද අමාත්‍යවරයා පැවසීය.

2018,2019,2020,2021 වසර වලදී සංවර්ධන නිලධාරින් වශයෙන් පත් වීම් ලැබූ උපාධිධාරින්ට දීප ව්‍යාප්ත වශයෙන් පොදු විභාගයක් පවත්වා ගුරු ශ්‍රෙණියට බඳවා ගැනීමට සැළසුම් කර තිබුණද එවැනි උපාධිධාරින් සිටින්නේ 300ක් පමණ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ අනුව මෙම තීරණයට එළඹි බවද සඳහන් කළේය.

ඉන් අනතුරුව ඉතිරි වන පුරප්පාඩු සඳහා පළාත් මට්මටමින් විභාග පවත්වා ඊට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දෙන බව අධ්‍යාප අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News