සෝල් අගනුවර අනතුරකින් මිය ගිය ශ්‍රී ලාංකික තරුණයාට මුල්‍යාධාර

Share

දකුණු කොරියාවේ සෝල් අගනුවර සිදු වූ අනතුරකින් මිය ගිය ශ්‍රී ලාංකික තරුණයාට විදේශ අමාත්‍යංශය සහ කොරියානු තානාපති කාර්යාලයේ මැදිහත් වීම මත රුපියල් මිලියන 9ක මුල්‍යාධාර ලබාදීමට එකඟ වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මීට අමතරව විදේශ කටයුතුත අමාත්‍යංශයේ මැදිහත් වීම මත දින 04ක් තුළ එම දේහය මෙරටට ගෙන ඒමට හැකි වූ බවත් ඒ සඳහා ගිය වියදම ද කොරියානු රජයෙන් ලබා ගැනීමට හැකි වනු ඇතැයි විදේශ අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News