මාර්ග නීති කඩකරන්නන් ඇල්ලීමට බදුල්ලේ ආරක්ෂිත කැමරා

මාර්ග නීති කඩකරමින් වාහන ධාවනය කරන්නන් සහ මාර්ගය ආශ්‍රිතව සිදුවන විවිධ වැරදි හඳුනාගැනීමේ පහසුව උදෙසා බදුල්ල කොට්ඨාස රථවාහන අංශයේ යතුරුපැදී ඒකකයේ යතුරුපැදිවල ආරක්ෂිත කැමරා සවිකිරීමට බදුල්ල පොලිස් කොට්ඨාස රථවාහන අංශය පියවර ගෙන ඇති බව බදුල්ල පොලිස් කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.එම්.පියරත්න මහතා පැවසීය.

විශේෂයෙන් ඇතැම් රියදුරන් අතින් සිදුවන රථවාහන වැරදි ප්‍රතික්ෂේප කරන අවස්ථාවලදී සාක්ෂියක් ලෙස මෙන්ම අල්ලස් ගැනීම වැනි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් වෙත එල්ලවන  චෝදනා සනාථ කරගැනීම වැනි අවස්ථාවලදි මෙම ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී වන බව පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

Previous articleඋසස් මානව සම්පතක් ගොඩනැංවීමට කැපවනවා – අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්
Next article13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක්