ගුරු වෘත්තිය සඳහා බඳවාගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

ගුරු වෘත්තිය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඒ අනුව විද්‍යා පීඨ 19 එකතු කර නිර්මාණය කරන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය හරහා අවුරුදු 4 ක උපාධිය හා ගුරු පුහුණුවෙන් පසු පාසල් පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුතු සඳහා යොමුකරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

ගුණාත්මකභාවයෙන් යුත් ගුරුවරයෙක් මෙතැනින් වසර 4 කට පාසල් වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් වැඩිදුරටත් සඳහන් කළේ.

Previous articleභූගත ලෝහ ද්‍රව්‍ය පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට
Next articleරුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 272 යි