භාණ්ඩ කිහිපයක් සඳහා ආනයන සීමා ලිහිල් කෙරේ

Share

භාණ්ඩ කිහිපයක් සඳහා ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා..

අදාළ ගැසට් නිවේදනය මගින් ඇඟලුම්, ටයිල්, සෙරමික් උපාංග, රූපළාවන්‍ය නිෂ්පාදන, වායු සමීකරණ, අධි ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට අදාළ ආනයන සීමා ලිහිල් කර තිබේ.

මේ අනුව භාණ්ඩ වර්ග 63 ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඔහු පවසන්නේ නොවැම්බර් 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම භාණ්ඩවල ආනයනික සීමා ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවය.

Read more

Local News