රුසියානු සමූහාණ්ඩුවේ රෝහල් සහ බහු සායන ප්‍රධානීන් කණ්ඩායමක් ද්විපාර්ශවීය සහයෝගිතා අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණියහ. එහි සමාරම්භක අවස්ථාව පසුගියදා (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
රුසියානු තානාපති කාර්යාලය හා රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙම සංවිධානය කෙරිණි.
මෙයට වසර එකහමාරකට පමණ පෙර රුසියාවේ එම ආයතන මගින් කරන ලද ඉල්ලීමකට අනුව ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අදාළව සෞඛ්‍ය තාක්ෂණය හා දැනුම හුවමාරු කර ගැනීම මෙමගින් බලාපොරොත්තු වේ.
මේ අනුව ලබන දෙසැම්බර් 3 වෙනිදා දක්වා ශ්‍රී ලංකා ජාතික රෝහල,පවුල් සෞඛ්‍ය කාර්යාංශය,වසංගත රෝග විද්‍යා ඒකකය, සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කිහිපයක්, අපේක්ෂා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල මෙන්ම වෛද්‍ය පීඨ කිහිපයක් හා දන්ත වෛද්‍ය පීඨ කිහිපයක් එම කණ්ඩායම විසින් නිරීක්ෂණය කිරීමට සැලැසුම් කර ඇත.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්,වෛද්‍ය වෘත්තිකයන් අතර දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්,රුසියාවේවෛද්ය තාක්ෂණය ලබා ගැනීමට මෙන්ම එරට හා එක්ව විද්‍යාත්මක පර්යේෂණ අත්හදා බැලීමටත් මෙය මහඟු අවස්ථාවක් වනු ඇත.



