සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කෙරේ

Share

දකුණු සහ ඇල්ල සංචාරක කලාප සඳහා දෙසැම්බර් මස පළමු වනදා සිට රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීමට තීරණය කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එසේම දෙසැම්බර් 15 වනදා තෙක් දිවයින පුරා සෙසු ප්‍රදේශ සඳහා දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බවද Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

දෙසැම්බර් 15 වනදායින් පසුව සංචාරක අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප සඳහා රාත්‍රී විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බවද අමාත්‍යවරයා පවසනවා.

news images

Read more

Local News