පානදුරේ වෙඩිතැබීමක්

Share

පානදුර සිල්වන් පටුමගේ ඊයේ රාත්‍රී දහයට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

නීතිඥවරයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

අන්න එතනට ගන්න සැකකාර නීතිඥවරයා සහ ඔහු සමඟ පැමිණි තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩි තැබීමට යොදා ගත් මිලිමීටර් නවය වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝලය සහ ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ පිස්තෝලය සඳහා බලපත්‍රයක් නොතිබූ බව ද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා. වෙඩි තැබීම සිදුකර ඇති නීතිඥවරයාගේ හිතවත් කාන්තාවක විසින් පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට ණය මුදලක් ලබා දී තිබෙනවා.

එය නැවත නොගෙවීම හේතුවෙන් ණය මුදල ලබා දුන් කාන්තාව තවත් කාන්තාවක සහ නීතිඥවරයා සමඟ පානදුර සිල්වන් පටුමගේ පදිංචි ණය ලබාගත් අයගේ නිවස වෙත පැමිණ තිබුණේ ඒ අනුවයි.

එහිදී දෙපිරිස අතර කතාබහක් ඇතිව ඇති බවත්, ප්‍රතිවාදී පිරිස නීතිඥවරයාට පහරදීමට සූදානම් වීමේදී ඔහු සඟවාගෙන සිටි නයින් එම් එම් වර්ගයේ ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇති බවටත්, මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. නීතිඥවරයා පැමිණි සුඛෝපභෝගී ජීප් රථයටද හානි සිදුවී තිබෙනවා.

සැකකරුවන් අද පානදුර මහේස්ත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News