යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 279 යි

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 279 යි.

අදින් ඇරඹෙන නත්තල් මාසයේදී යුක්‍රේනයේ කියෙව් හී නත්තල් ගසක් පිහිටුවන බව වාර්තාවනවා.

එසේම එංගලන්තයේ කැන්ටබරි අගරඳගුරු කියෙව් හී සංචාරයක නිරතවන බවයි වාර්තාවන්නේ.

මේ අතර යුක්‍රේන සරණාගතයින්ව පිළිගැනීම සඳහා කාර්යාලයක් විවෘත කිරිමට බි්‍රතාන්‍යයේ 03 වන චාල්ස් රජු පියවර ගෙන තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති ආර්යා ඔලේනා සෙලෙන්ස්කා සමඟ ඔහු එය නැරඹීමට ගිය බවයි වාර්තාවන්නේ.

මේ අතර රුසියාව නැවතත් සිය හමුදා බලමුළු ගැන්වීමට සූදානම්වන බව යුක්‍රේනය පවසනවා.

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හී යුක්‍රේන තානාපති කාර්යාලය තුළ ලියුම් බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා.

එය සාමාන්‍ය තැපෑලෙන් පැමිණි ලියුමක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News