සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සදහා ක්‍රියාමාර්ග හතරක්

Share

සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සදහා ක්‍රියාමාර්ග හතරක් ගෙන ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඒ.චූලානන්ද පෙරේරා පවසයි.

ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ, අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

පසුගිය කාලයේ අප රටේ සාමකාමී පරිසරයක් නොතිබීම,ඉන්ධන,විදුලි අර්බුදය ආදි හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයෙ මුලුමනින්ම කඩා වැටීමක, ලක් වු බව ලේකම්වරයා පැවසීය.

මේ වන විට විවිධ සාධනීය පියවර ගනිමින් නැවතත් ලංකාව සංචාරක පාරාදීසයක් බවට පත් කිරිමට බලාපොරොත්තු වන බවත්,ඒ වෙනුවෙන් සංචාරක යෙදවුමක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත්,එමගින් ලංකාවට පැමිණිමට අපේක්ෂිත සංචාරකයින්, ලංකාවේ සුන්දර ස්ථාන,නැවතීමට ඇති හෝටල් හා එහි අය කිරීම් මෙන්ම තමා සතුව ඇති මුදලින් කෙතරම් කාලයක් ලංකාවේ රැදි සිටිමට හැකි දැයි දැන ගැනීමට හැකි හැකි බවද පැවසීය.

එමෙන්ම ,දෙවන පියවර ලෙස ශ්‍රී ලංකාව ගැන ඩිජිටල් හා සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබා දීමත්,තෙවන පියවර ලෙස ලංකාවේ පළාත් 09 ඇති ප්‍රධාන ස්ථාන හඳුන්වා දී උදාහරණයක් ලෙස සීගිරිය හා සීගිරිය අවට රාමාකන්ද,පිදුරංගල,කළුදියපොකුණ වැනි ස්ථාන දියුණු කිරිමත් සිව්වන පියවර ලෙස චර්යා සංවර්ධනය (Skill Department ) ඇති කිරීමත් සිදු කෙරෙනවා. විශේෂයෙන් රියදුරන්,මාර්ගෝපදේශකයින් ගේ කුසලතා,දැනුම ආකල්ප සංවර්ධනය කිරිම මෙයට අයත් වෙනවා.

කෙසේ වුවද,සංචාරක අමාත්‍යාංශය පමණක් නොව ඊට සමගාමිව වෙනත් ආයතනවලින් සංචාරක ක්ෂේත්‍රයට සහයෝගය බලාපොරොත්තු වන බව ලේකම්වරයා පවසයි.

Read more

Local News