සුඛෝපභෝගී බස් රථයක් අනතුරකට පත්වීමෙන් 23 දෙනෙකුට තුවාල December 5, 2022 කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද අළුයම 3:15 ට පමණ අනතුරට ලක් වී තිබෙනවා. ඒ කිලිනොච්චි මාර්ගයේ මාන්කුලම පොලීසිය ආසන්නයේදී මාර්ගය හරහා පෙරලීයෑමෙන්. එම අනතුරින් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.